එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Monday 13 May 2013

෴ සාධු ජන රාව ෴






 "අසූව දශකයේ  ආරම්භයේදීම  නිර්මාණකරුවෝ මනසින් දුටු ඒ සිංහල දෙමළ මිනිස් සබඳතා පුපරා යුද ගිනිදැල් බවට පත් විය. ඒ වන විටත් සුභාවිත ගීයේ හරවත් නිර්මාණාත්මක ප්‍රවේශයකට පැමිණ තිබූ  ගුවන් විදුලියේ රජරට සේවය දෙදරා යන මේ මිනිස් සබඳතා නිර්මාණාත්මක ලෙසින් යළි එක හුයකට අමුණන්න‍ට මහත් වෙහෙසක් දරමින් සිටියේය. ඒ වන විටත් ඉහත කී ගීතවලට අමතරව ඒ යුගයේම බිහිවූ කපුගේගේ "උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ" වැනි  ගීත පළුදු වී යන මිනිස් සබඳතා රැක ගැනිමට මහත් වෙහෙසක් දැරූ ගීත බවට පත්ව තිබුණි. 

රජරටින් එතරම් සුවිසල් ගීත සංඛ්‍යාවක් ප්‍රමාණාත්මකව බිහිවන්නට හේතු වූයේ උතුරත් - නැගෙනහිරත්  රජරටට මායිම්ව පැවතිම නිසා යුද්ධයේ බිහිසුණු බවත් වාර්ගික ගිනිදැල්වල උණුසුම රජරටට වඩාත් සමීපව දැණුනු හෙයිනි.

එදා  ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ගුණදාස කපුගේ වැනි මානව හිතවාදී කලාකරුවෝ මේ මිනිස් සබඳතා නිර්මාණාත්මක ප්‍රවේශයකින්  ශක්තිමත් කරගැනිමට මහත් වෙහෙසක් දැරූහ.  රජරට සේවය හරහා බිහිවූ රජරට  ගීත සාහිත්‍ය මීට යහපත් ප්‍රවේශයක් ලෙස වාර්ගික ගැටුමට නිර්මාණාත්මක අරුත් සැපයීය. එදා ඒ රජරටින් බිහි වූ  ගීතවලින් වැඩිම ප්‍රමාණයක් ගුණදාස කපුගේ විසින් සංගීතවත් කර තිබූ අතර කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර ආදී ශිල්පීන් විසින් ඒවා ගීත බවට පත්කර තිබුණි. පසු කාලයේදී ඒ ගීතවලින් වැඩිම  කොටසක් රජරට සේවා තැටිපටි ගබඩාවටම සීමාවු අතර, කරුණාරත්න දිවුල්ගනේ ගැයූ ගීත අතරින් කොටසක් ගී තැටි සහ කැසට් මාධ්‍යයට එකතුවිම නිසා ඒවා ජාතික මට්ටමේ ගීත ලැයිස්තු අතරට එකතු විය.

එහෙත්, ජාතික මට්ටමේ ගීත අතරට නොපැමිණියද එදවස රජරට සේවයෙන් ප්‍රචාරය වූ ගීත අතර මෙවන් ගීයක් ඒ වාර්ගික අර්බුදයේ බිඳුණ කඩතොලු මකා දැමීමට ගත් උත්සාහයන්හි දැවැන්ත ආයෝජනයන් වූ බව ඒ අතීතය විමසන විට දැනේ."

 මේ පෝස්ට් එකත් පෙර සේම බ්ලොග් රෝල්වල අප්ඩේට් වී නැති බවයි සහෘද බොහෝ දෙනෙකුගේ අදහස් වලින් කියවුනේ. 

මෙය පළකර සති දෙකක් පමණ ගත වුණත්මේ දිනවල  කාල කළමනාකරණය  පිළිබඳ තරමක ගැටලුවකට මුහුණ දි සිටින නිසා සාධු ජන රාව ගැන කියවන්න නොහැකි වූයේ නම්  මතු දැක්වෙන ලින්ක් එක මත ක්ලික් කර කියවන්න. කියවිමට නොහැකි වූ සියලුම බ්ලොග් වලට මගේ ප්‍රතිචාර ඉදිරි දින කිපයේදී..........

 




18 comments:

  1. ඉක්මනින් අලුත් යමක් පාඨක අපට දෙන්න...ජය!

    ReplyDelete
    Replies
    1. සිරා...

      ඇත්තටම තරමක අවිවේකිබවක් තියෙනවා. ඉක්මනට ලියන්නනම්

      Delete
  2. පහුගිය දොහේ හැමතැනම හෙව්වා. බ්ලොග්රෝල් වල විතරක් නෙමෙයි මම හිතන්නෙ අප්ඩේට් නොවුනේ ...

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන්

      අත්තටම මට ඒගැන දැනගන්න ලැබුණා...තරමක අවිවේකි බවක් තිබුණ නිසාම ඒ තත්වය උදාවෙන්න ඇති.

      Delete
  3. ඒක තමා මටත් හිතුනා හුග දවසකින් ලිව්වේ නෑ නේද කියලා.. පෝස්ට්කටුවක් දාන කොට මුණුපොතෙත් ඒක දාන්න. එතකොට කොහොම හරි දැනගන්න පුළුවන් නේ.. ජී + තියෙනං ඒකටත් ෂෙයාර් කරන්න

    ReplyDelete
    Replies
    1. දේශකයා...

      සමහර වෙලවට පෝස්ට් එකක් දැම්මත් ඒක මූනු පොතට ෂෙයා කරන්න තරම්වත් විවේකයක් තිබුනේ නෑ.ඒකත් එක හේතුවක්

      Delete
  4. හුග දවසකින් ඔබතුමන්ගේ ලිපියක් බලන්න ලැබුනේ.. ආයෙමත් අලුත් ලිපියක් දකින්න ආසාවෙන් බලන් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. සිතුවිලි දැහැන

      තරමක අවිවේකිබවක් තියෙනවා. ඉක්මනට ලියන්නනම්

      Delete
  5. අහම්බෙන් මේ පැත්තට ගොඩ උනේ . බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙලා නෑ තමා .

    ReplyDelete
    Replies
    1. ගිම්...

      අහම්බෙන් හරි ආ එකම වැදගත්...පරිගණකයට ප්‍රතිකර්මයක් කළ යුතුයි

      Delete
  6. මගෙ බ්ලොග් එකේ නම් අප්ඩේට් වෙනවා.ප්‍රශ්නයක් නෑ!

    ReplyDelete
    Replies
    1. වර්ෂා..

      සමහර විට එකක දෙකක එහෙම වෙනවා ඇති.

      Delete
  7. බොහොම දවසකින්.... සාදුජනරාව ඉතා හොද ප්‍රසංගයක්..

    ReplyDelete
    Replies
    1. නලීන්...

      ඇත්තටම ඔව්... තරමක කාර්ය බහුල සති කීපයක් ගෙවෙන්නේ...

      Delete
  8. ම්ම්ම් මම හිතන්නෙ මගෙ බ්ලොග් රෝලට ආවෙත් නැහැ කලින් නම්. දැන් තමා තියෙනවා දැක්කෙ.

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරි...

      පොඩ් තාක්ෂණික දෝෂයක් ඒකවත් මගහරවාගන්න කාලය ගැටලුවක්

      Delete
  9. ඉතාමත් අගනා ප්‍රසංගයක් ගැන අදත් අයිය අපිට අලුත් යමක් කියල දිල...ඇත්තටම නොදන්න දේ කොච්චරද කියල හිතෙන්නෙ මේව කියවනකොට....

    ReplyDelete
    Replies
    1. දිනිති

      සාදුජනරාව උසස් ගීතය වෙනුවෙන් මානව දයාවෙන් ඉදිරිපත් වූ කලා නිර්මානයක්.. ස්තූතියි අදහසට

      Delete

Related Posts Plugin for WordPress, Blogger...