එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Sunday 7 April 2013

෴ ජයතිලක බණ්ඩාර, ගුණදාස කපුගේ එක්ව හැදූ බයිලා ෴




 ජයතිලක බණ්ඩාර නම් ඔහු....( 2  වන කොටස )

එදා... අතුරුදහන් වූවන්‍ වෙනුවෙන් ජනතා අධිකරණය ක්‍රියාත්මක කරන්නට සූදානම්ව සිටියදී  නොසිතූ අයුරින් විශාල ජනකායක් රද්දොලුගම මංසන්ධියට රැස් වූහ. රජය විසින් රද්දොලුගම නිවාස සංකීර්ණයට හැරෙන මංසන්ධියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම අත්හිටවනු ලැබීය. එසේම ජනතා අධිකරණයේ කටයුතු වලට විවිධ අයුරින් බාධා එල්ල කරන්නට විය. එයින් නොනැවතුන එවකට පාලකයන් එතැනට රැස්වූ සිවිල් ක්‍රියාකාරීන්ගේ තොරතුරු රැස්කිරීම, ඡායාරූප ගැනිම සඳහා නාඳුනන පිරිස් යොදාගෙන තිබුණි. ඔවුහු ඊට ඇතුළු වී ජනතා ක්‍රියාකාරීත්වයට දිගින් දිගටම බාධා පැමිණ වූහ.

පොලීසියටත්, නාඳුනන කණ්ඩායම් වලටත් ‍එරෙහිව අතුරුදහන් වූවන්ගේ සහ මරාදැමුනු පුද්ගලයන්ගේ පවුල්වල ඥාතීහු  ඊට විරෝධය පලකළහ. ක්‍රමයෙන් පොලීසිය, ආරක්ෂක කණ්ඩායම්  සහ නිරායුද සිවිල් වැසියන් අතර ගැටුමක් නිර්මාණය වන්නට විය. තව මොහොතකින් එම ස්ථානයේ ලේ වැගිරීමක් සිදුවිය හැකි බව ජයතිලක බණ්ඩාරයන්ට වැටහුණි. සැනෙකින් ක්‍රියාත්මක වූ ඔහු තහනම් කර තිබූ ශබ්ද විකාශන යන්ත්‍රය  ක්‍රියාත්මක කර මයික්‍රපෝනය අතට ගෙන ඒ අසල ඉදිකර තිබූ  අතුරුදහන් වූවන්ගේ ස්මාරකය වෙත ගියේය.  කිසිදු සංගීත ‍භාණ්ඩයක් හෝ මෙවලමක් නොමැතිව ඔහු සිය හඬ අවදි කළේ රග දෙන බයිලා කැසට් පටයට ඇතුළත් වූ  “ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා” ගීය ගැයීමෙනි. රැස්ව සිටි ජනතාව ඔහු කරා ඇදෙන්නට විය.පොලීසියත් නාඳුනන අවිගත් පිරිස්ද පසුබැස්සහ. එදා රද්දොලුගම මංසන්ධියට එක්වූ සිවිල් වැසියන්ට ජය අත්විය. ඒ එදා  ඔහු ගැයූ මේ ගීය නිසාය”..............



4 comments:

  1. ඉතිරිය කලින් කියෙව්වා.මේ මිනිසුන් ගැන කොතෙක් කතා කළත් නිම කරන්නට බැහැ!!

    ReplyDelete
  2. ගීත වලටත් කරන්න බැරි දෙයක් තියෙනවද කියලා හිතෙන්නේ මෙහෙම කතා කියවද්දී තමා.. නියමයි!

    ReplyDelete
  3. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  4. දෙවෙනි කොටසත් කියවන්න ලැබිම සතුටක්... ඒවගෙම අයියටත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනව.
    තෙරුවන් සරණයි....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...